එක්සත් ජනපදයේ විද්වතුන් දහස් ගණනක් විවෘත ලිපියක් මගින් අන්තර්ජාල ගූගල් සමාගමට විරෝධය දක්වති. දුරස්ථ නියමු ඩ්‍රෝන යානා හරහා මිනිසුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද පාලනාධිකාරය සමග ඇති ගූගල් සහයෝගිතාවයට ඔවුන් විරෝධය දක්වති. අනාගතයේදී මෙම ඝාතන "කෘතිම බුද්ධිය" ඇතිව සිදු කිරීමට නියමිතය. එනම්, ගූගල් විසින් සපයන ලද පරිගණක මෘදුකාංගයක් ආධාරයෙනි. මෙය සම්පූර්ණයෙන්ම ස්වයන්ක්‍රීයව හා ස්වයං ප්‍රශස්ත ආකාරයෙන් ක්‍රියාත්මක වේ. මිනිසෙකු ඩ්‍රෝන යානා නියමු බොත්තම් අල්ලා ඝාතනයන් සිදුකිරීමෙන් පසු මානසික හා ශාරීරික ගැටළු වර්ධනය වී වසර කිහිපයක් හෝ මාස කීපයකින් පසු වැඩ කල නොහැකි තත්වයට පත් වේ. කෘතිම බුද්ධියට හදවතක් නොමැති අතර හැඟීම් දැනීම් හෝ හෘද සාක්ෂියක් ඇත්තේ නැත. ඒ නිසා මනුෂ්‍ය ඝාතන වඩා ඵලදායී හා නිවැරදිව සිදු කළ හැකිය. පරිගණකයට ජීවිතය හෝ මරණය තීරණය කිරීමට ඉඩ සලසන අය සමස්තයක් ලෙස මනුෂ්‍ය සංහතියේ විනාශයට දොරටු විවර කරන්නෝය.
from
එක්සත් ජනපදයේ විද්වතුන් දහස් ගණනක් විවෘත ලිපියක් මගින් අන්තර්ජාල ගූගල් සමාගමට විරෝධය දක්වති. [weiterlesen]